Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ඇඳිරි නීති සමයේත් මාර්ග සංවර්ධනය අඛණ්ඩව..!


2021-08-21 15353

 

(හේමන්ත තුසිත කුමාර)

 

රටපුරා නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇති මධ්‍යයේ වුවද අධිවේගී මාර්ග වල ඉදිකිරිම්, දැනට ක්‍රියාත්මක කර ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ඇතුළුව මහාමාර්ග අමාත්‍යාංශය හා මාර්ග සංවර්ධන අධිකාරිය මගීන් රටපුරා ක්‍රියාත්මක කර ඇති සියළු මාර්ග සංවර්ධන කටයුතු සාමාන්‍ය පරිදි නොනවත්වා ක්‍රියාත්මක වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිකුරාදා(20) Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශයේ ලේකම් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී වන අතර තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.

වසංගතය පැතිරීම වැලැක්වීම සදහා රජය පියවර ගෙන ඇතත් රටේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම සදහා ආරම්භ කර තිබෙන ව්‍යාපෘතීන් කොවිඩ් වසංගතය නිසා අත්හිටුවන්නේ නැහැ. 

රටේ දැනට පවතින වසංගතය පාලනය කිරිම සදහා මේ වන විට නිරෝධාන ඇදිරිනීතිය පනවා ඇතත් සංවර්ධන ව්‍යාපෘතීන් වල සේවය කරන සියළුම සේවකයන්ට තමන්ගේ රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර බාධාවකින් තොරව තමන්ගේ සේවා ස්ථානයට පැමිණීමට හැකියි.
 
මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරිම්, නව කැළණි පාලම් ව්‍යාපෘතියේ ඉදිකිරිම්, ග්‍රාමීය පාලම් 5000ක් ඉදිකිරිමේ ව්‍යාපෘතිය, කිලෝමීටර් 100,000ක් සංවර්ධන කිරිමේ ව්‍යාපෘතිය යනාදී සංවර්ධන ව්‍යාපෘතීන් වල වැඩ කටයුතු සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් හා මාර්ගෝපදේශයන්ට අනුව ඉදිරියට සිදු කරගෙන යනවා.

 


 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment